Full width Top advertisement

Post Page Advertisement [Top]

අයිෆෝන් සහ අයිපෑඩ් තුල ඇති ෆේස්ටයිම් මුදෘකාංගයෙහි මුහුණු එහාමෙහා වෙන එක නතර කරනගන්න හැටි (iPhone and iPad: How to stop moving faces in Group FaceTime)

අයිෆෝන් සහ අයිපෑඩ් තුල ඇති ෆේස්ටයිම් මුදෘකාංගයෙහි මුහුණු එහාමෙහා වෙන එක නතර කරනගන්න හැටි (iPhone and iPad: How to stop moving faces in Group FaceTime)

ලෝකය පුරාවටම නව තාක්ෂණයත් සමඟින් දියුණුව සිටින සමයක කණ්ඩායම් වශයෙන් එකතු වී මුහුණට මුහුණ බලාගෙන ඇමතුම් ලබා ගැනීම දක්වා තාක්ෂණය දියුණු වුනා. මෙම ක්‍රියාව හඳුන්වනු ලබන්නේ Group Video Call යනුවෙනි. ඉතින්, ඇපල් සමාගම විසින් ද මෙම ක්‍රියාදාමයට ඔවුන්ගේ උපකරණ වලින් මෙම සේවාව ලබාගත හැකිවන අයුරින් FaceTime යනුවෙන් මෘදුකාංගයක් නිර්මාණය කර ඇතුලත් කර තිබෙනවා. 

මෙය මඟින් ඔබේ යහලුවන් හෝ පවුලේ හිතමිතුරන් සමඟ එකවර කිහිප දෙනෙකු සමඟ මුහුණට මුහුණ සංවාදයේ යෙදීමට හැකියාවක් ලැබෙනු ඇත. නමුත් මෙම සංවාදයේ මෙසේ යෙදෙන විට එම එකිනෙකාගේ මුහුණ පෙනෙන්නට තිබෙන කොටු එහෙමත් නැත්නම් ටයිල්ස් (tiles) එහාට මෙහාට හෙලවෙනවා. ඉතින් මේ සිදුවීම වලක්වා ගන්න ඇපල් සමාගම විසින් ඔවුන්ගේ iOS 13.5 මෘදුකාංග යාවත්කාලීනයත් (software update) සමඟ ක්‍රමවේදයක් යොදනු ලැබුවා.

iOS 13.5 මේ වන තෙක් සියළුම පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කර නැහැ. නමුත් ඔබට අවශ්‍යයනම් එහි ඇති නවතම දේ ඩිවලපොර් බීටා (developer beta) මඟින් අත්විදීමට හැකියාව ඇත. එමෙන්ම මෙම නව යාවත්කාලීනය තුල කොරෝනා රෝගීන් පිළිබඳ සොයන මෘදුකාංගයද ඇතුලත් කර ඇත.

ගූගල් සහ ඇපල් සමාගම් එකතුව කොරෝනා වැලදී ඇති පුද්ගලයන් සොයන ඇප් එකක් (Google and Apple partner on building COVID-19 contact tracing into Android, iOS)

මෙම ක්‍රියාව නැවැත්වීම සිදු කරන ආකාරය පහත පියවරයන්ගෙන් අනුගමනය කරන්න.

මෙම ක්‍රියා පිලිවෙල දැනට ඇත්තේ iOS 13.5 සංස්කරණයේ පමණයි. මෙම සංස්කරණය තවමත් බීටා සංස්කරණයකි. 


  1. ඔබේ දුරකථනයේ Settings වෙතට යන්න.
  2. එහි පහළට ආ විට ඔබට FaceTime යනුවෙන් තැනක් දැකගත හැකිවන අතර එය තුලට යන්න.
  3. එහි පහළටම වෙන්න  "Automatic Prominence" යන්නට පහලින් ඔබට Speaking යනුවෙන් ස්ථානයක් දැකගැනීමට හැකිවන අතර එය ක්‍රියාත්මක වී ඇති බවට දැකගැනීමට ලැබේවි. එම Speaking යන්න ඉදිරියේ ඇති බොත්තම මත ටැප් කර ක්‍රියා විරහිත කර දමන්න.
ඉහත දක්වා ඇති ක්‍රියාවන් සිදුකරන අයුරු පහතින් ද දක්වා ඇත.

stop moving faces Group FaceTime walkthrough iPhone iPad

No comments:

Post a Comment

Bottom Ad [Post Page]