Full width Top advertisement

මෙම වෙබ් අඩවිය මේ වනවිට යාවත්කාලීන වෙමින් පවතී. ඔබට සිඳුවන ප්‍රමාද දෝෂයන්ට අපගේ බලවත් කණගාටුව

Post Page Advertisement [Top]

ගූගල් සහ ඇපල් සමාගම් එකතුව කොරෝනා වැලදී ඇති පුද්ගලයන් සොයන ඇප් එකක් (Google and Apple partner on building COVID-19 contact tracing into Android, iOS)

iphone-11-pro-max-vs-pixel-4-xl-camera-1494x1000
iphone-11-pro-max-vs-pixel-4-xl-camera-1494x1000

කොවිඩ් - 19 (Covid -19) එසේත් නැතිනම් මෙම කොරෝනා වෛරසය (Corona virus) මේ වන විට සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතියි. ඉතින්, මෙම වෛරසය මැඩලීමට හැකි අයුරක් ලෙස ගූගල් (google) සහ ඇපල් (apple) ආයතනයන් දෙක එකතුව ඇප්ලිකේෂන් (application) එකක් නිර්මාණය කරන්නට සැරසෙනවා. ඉතාමත් ඉක්මනින් මෙම ඇප්ලිකේෂන් එක ඔබේ ඇන්ඩ්‍රොයිඩ් (Android) භාවිතා වන කුමන දුරකතනයකට හෝ වේවා එය ගූගල් ප්ලේ ස්ටෝර් (Google Play Store) එක හරහා බාගත කර ගැනීමට (download) හැකියාවක් ලැබෙනු ඇත. එමෙන්ම ඇපල් සමාගමේ අයිෆෝන් (iPhone) භාවිතා කරන ඔබටද මෙම ඇප්ලිකේෂන් එක ඇපල් ඇප් ස්ටෝර් (Apple App Store) එක හරහා බාගත කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

ඇපල් සහ ගූගල් ආයතනය අද (2019.10.14) දින මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවා. ඒ ඔවුන් බ්ලූටූත් (Bluetooth) ආදාරයෙන් ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕස් (iOS) එකතුව රජයට කරන උදව්වක් වශයෙන් මෙම කොරෝනා වෛරසය පැතිරී යාම අඩු කිරීමට කටයුතු කරන බවයි.

මෙම සමාගම් දෙක එකතුව මේ සඳහා සවිස්තරාත්මක විසඳුමක් ලෙස ඔවුන්ගේ මෙහෙයුම් පද්ධති වල තිබෙන ලුහුබැදයාමේ තාක්ෂණය (contract tracing technology) යොදාගෙන "සම්බන්ධතා ක්‍රමලේඛන අතුරුමුහුණත් (APIs)" නිර්මාණය කරමින් මෙම ඇප්ලිකේෂන් එක ඉඳිරිපත් කිරීමට සූදානම්ව සිටියි.

Apple_google-partner-on-covid-19-contact-tracing-technology_04102020_inline.jpg.large

අදාල දුරකථනය භාවිතා කරන පුද්ගලයා සිටින්නේ කොතැකද කියා පෙන්වීමට යොදාගන්නා ක්‍රමෝපායන්ට මෙය තවත් එක් පිළියමක් වනු ලබනවාක් මෙන්ම මෙම ක්‍රමය මේ වන විටත් සමහර ජංගම දුරකථන සිම්පත් ආයතන (Mobile phone sim cards company's) ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

මෙම ඇප්ලිකේෂන් එකත් සමඟ රජයන් වලට හැකියාවක් ලැබෙනවා ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකථන භාවිතයෙන් මෙම කොරෝනා වෛරසය පැතිරී ඇති පුද්ගලයන් සිටින ස්ථානයන් පිළිබඳ නිවැරදි සිතියමක් නිර්මාණය කරගන්නට. මෙම ඇප්ලිකේෂනය මඟින් පුද්ගලයන් දෙදෙනෙක් එක ලඟ සිටින විට ඔවුන්ගේ ජංගම දුරකථනයන් විසින් ස්වයංක්‍රීයවම මෙම කොරෝනා පිළිබඳ සැකසහිත පුද්ගලයන් සිටිනා ස්ථානයන් හුවමාරු වනු ලබනවා. එමෙන්ම, එක් පුද්ගලයෙක් කොරෝනා වෛරසය තිබේදැයි පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාධිත වී තිබේනම් එම පුද්ගලයාට හැකියාව ලැබෙනවා ඔහුට කොරෝනා වැලදී ඇති බවට ඔහු සිටින ස්ථානය හරහා අනිත් දුරකථන වලට දැන්වීමට. මෙය මඟින් ඔහු යන එන තැන් සියල්ලම සජීවී අයුරින් ඔබට බලා ගත හැකි වනු ලබනවා. එසේ සියලුම දුරකථන වලට මෙය පෙන්වනු ලැබීමට හේතුව මෙම ඇප්ලිකේෂනය ක්‍රියාත්මක වන්නේ ක්ලවුඩ් (Cloud) ක්‍රමවේදයකට නිසාවෙනි. 

කොරෝනා වැලදී ඇති රෝගියෙකුට ඔහු සිටින ස්ථානය අනිත් දුරකථන වලට පෙන්වීමට හැකියාවක් තිබෙනවා සේම අනිත් පුද්ගලයන්ට ඔවුන්ගේ ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිතයෙක් ලෙස සැලකිය හැකි පුද්ගලයන්ගේ ලැයිස්තුවක් පවා දුරකතනයට මෙම ඇප්ලිකේෂනය හරහා බාගත (download) කරගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මෙම ඇප්ලිකේෂනය භාවිතා කරමින් ඔබ ගමන් ගන්නා විට මෙම ලැයිස්තුවේ සිටින පුද්ගලයෙක් ඔබ ආසන්නයේ සිටීනම් ඔබට ඇප්ලිකේෂන් එක හරහාම පණිවිඩයක් ලබාදෙනවා සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ඇමතුමක් ලබා දෙන ලෙසට.

google-apple-covid-19-tracing-2

මෙම ඇප්ලිකේෂන් එක මැයි මාසය වන විට නිකුත් කරනු ලබනවා. එමෙන්ම අද උදෑසන පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මෙම ආයතනයන් දෙකම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කරනු ලැබුවා. ඔවුන් කියා සිටින්නේ මේ හරහා අදාල ඇප්ලිකේෂන් එක භාවිතා කරන පුද්ගලයා සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ඔවුන් රැස් කරන්නේ නොමැති බවයි. එමෙන්ම ඔවුන් කියා සිටියේ මෙම ලබාගන්නා දත්ත මෙම කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා මහජන සෞඛ්‍ය බලධාරීන් සඳහා පමණක් ලබා දෙන බවයි. 

පහතින් දැක්වෙන්නේ ඇපල් සහ ගූගල් සමාගම් වල සභාපතිවරුන් ඔවුන්ගේ නිළ ටුවිටර් (Twitter) ගිණුමෙහි මේ පිළිබඳව සඳහන් කරනු ලැබූ ටුවීට් පණිවිඩයි.

1
ඇපල් සමාගමේ සභාපති වන ටිම් කුක් මහතා ඔහුගේ නිළ ටුවිටර් ගිණුමේ මේ පිළිබඳව
සඳහන් කර තිබූ අයුරු

2
ගූගල් සමාගමේ සභාපති වන සුන්දර් පිචායි මහතා ඔහුගේ නිළ ටුවිටර් ගිණුමෙහි
මේ පිළිබඳව සඳහන් කර තිබූ අයුරු

තවද, මෙතන ක්ලික් කිරීම මඟින් ඇපල් සමාගමේ නිළ වෙබ් අඩවියට පිවිසීම මඟින් මේ පිළිබඳ වැඩිවිස්තර ඔබට දැනගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]