Full width Top advertisement

Post Page Advertisement [Top]

ඇපල් සමාගම නවතම iPhone SE දුරකථනය හඳුන්වා දෙයි

 ඇපල් සමාගම නවතම iPhone SE දුරකථනය හඳුන්වා දෙයි

ඇපල් (Apple) සමාගම විසින් මෙම නවතම අයිෆෝනය (iPhone) එලිදක්වීම 2020 අප්‍රේල් 15 වන දින iPhone SE යන නමින් ඉඳිරිපත් කරනු ලැබුවා. මෙහි මිළ ඩොලර් 399ක සිට ඉහළට විහිද යනු ලබනවා. එමෙන්ම පාටවල් තුනකින් ඔබට මෙම දුරකථනය මිළදී ගැනීමට ද හැකියාවක් තිබෙනවා. 

මෙම නවතම අයිෆෝනය පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු මෙසේ දැක්විය හැකිය.
  • මෙම නවතම iPhone SE දුරකථනය පාරිභෝගියන්ට Pre-order ලෙස අන්තර්ජාලය 2020 අප්‍රේල් 17 වෙනිදා සිට මිලදී ගැනීමට හැක.
  • අනෙකුත් පාරිභෝගිකයන් සඳහා මිලදි ගැනීමට හැකියාව ලැබුනේ 2020 අප්‍රේල් මස 24 දිනයේ සිටයි.
  • මෙහි මිළ පරාසයන් ඩොලර් 399, 449ක් සහ 549ක් ලෙස වේ.
  • කලු, සුදු සහ රතු යන පැහැයන්ගෙන් ග්ලාස් බැක් (glass back) එකක් සහිතයි.
  • 64GB, 128GB සහ 256GB යන මතක ධාරිතාවන්ගෙන් (storage) සමන්විතයි.
මෙම නව අයිෆෝන් SE එක සතුව අඟල් 4.7 ක තිරයක් දැකගත හැක. සෑම අතකින්ම බැලූ කල එය iPhone 8 දුරකථනයේ හැඩයන්ට බොහෝ සෙයින් සමානකමක් දැකීමට හැකියාවක් ඇත. එමෙන්ම දුරකථනයේ ඇතුලත බැලුවහොත් බොහෝ සෙයින් iPhone 11 දුරකථනයට සමානය. මෙම iPhone SE දුරකථනය සතුව ඇපල් A13 බයෝනික් චිප් (Apple A13 Bionic chip) එකක් ඇතුලත්ව ඇති අතර මේ වන විට iPhone මාදිලි වලින් ඉහලින්ම සිටින iPhone 11 දුරකථන වලද ඇත්තේ මෙම පරිපථයයි.

කැමරාව

මෙහි පිටුපස කැමරාවක් දැකගැනීමට ලැබෙන අතර එය මෙගාපික්සල් 12ක සෙන්සර් (12MP sensor) එකක් වේ. එමෙන්ම 4K වීඩියෝ පහසුකම ද ති‍බෙන අතර 60fps දක්වා පටිගත කිරීමේ හැකියාව ඇත. ඉදිරිපස ඇති කැමරාව මෙගා පික්සල් 7ක් (7MP) වන අතර එම කැමරාව මගින් 1080p 30fps වීඩියෝ පටිගත කිරීමක් කල හැකිය.

ටච් අයිඩී (Touch ID)

අලුතෙන්ම පැමිණි අයිෆෝන් මාදිලි වල තිබුනේ Face ID නමින් හැදින්වූ තමන්ගේ මුහුණ අඟුලක් (lock) ලෙස භාවිතයට ගත හැකි ක්‍රියාවලියකි. නමුත් එම සෙන්සර් (sensor) එක ඇපල් සමාගම විසින් හදුන්වා දීමට ප්‍රථම භාවිතා කරනු ලැබුවේ මෙම Touch ID කියන පහසුකමයි. ඉතින් මෙම Touch ID කියන පහසුකම iPhone 5s දුරකථනයේ සිට iPhone 8 යන දුරකථනය දක්වා ලැබුනා. නමුත් මෙම නව iPhone SE 2020 දුරකථනයට ද මෙම Touch ID පහසුකම පමණයි ලැබෙන්නේ. Face ID පහසුකම මෙම දුරකථනයට නොලැබෙනු ඇත. 

මෙම නව අයිෆෝන් එකෙහි ස්ටීරියෝ ඕඩියෝ රෙකෝර්ඩින්ග් (stereo audio recording) සහ සිම් කාඩ් පත් දෙකක් (dual sim) යන පහසුකම් වලින්ද සමන්විතයි. එමෙන්ම Wi-Fi6 ද මෙම දුරකථනයට සහාය දක්වනු ලබනවා.

Apple officially unveils rumored ‘iPhone 9’ with iPhone SE name from $399, three colors, up to 256GB

No comments:

Post a Comment

Bottom Ad [Post Page]