ඇපල් සමාගම විසින් තෙවන පාර්ශවීය යෙදුම් (third party application) දුරකථනයේ සම්පූර්ණයෙන්ම ස්ථාපනය කිරීමකින් තොරව iOS හරහා ඒ වෙතට ඇතුලුවීමට හැකිවන අයුරින් නව ක්‍රමයක් සඳහා ක්‍රියා කරමින් සිටී. පැතිරී යන ආරංචි වලට අනුව මෙම ක්‍රියාවලිය iOS 14 සිට පාරිභෝගිකයන්ට අත්විදින්නට හැකියාව ලැබෙනු ඇත. මෙම විශේෂාංගය QR කේතයක් (QR Code) ස්කෑන් (scan) කිරීම මඟින් අදාල තෙවන පාර්ශවීය යෙදුමේ ක්‍රියාකාරීත්වය අත්විඳීමට පරිශීලකයාට හැකියාවක් ලැබෙනු ඇත.
ඔබ විසින් ඔබේ අයිෆෝන් දුරකථනයේ ස්ථාපනය (install) නොකර ඇති ඇප්ලිකේෂන් එකක සබැඳියක් (link) විවෘත කිරීමක් හෝ QR කේතයක් ස්කෑන් කරනු ලැබූ විට එම ලින්ක් එකට හෝ QR කේතයට අදාල වන ඇප්ලිකේෂන් එක විවෘත වෙනුයේ සෆාරි (Safari) වෙබ් බ්‍රවුසර් එක හරහායි. ඒ වගේම ඇප්ලිකේෂන් එකක් දුරකථනයට ඉන්ස්ටෝල් කරායින් පසුව ඒ තුල තියෙන ලින්ක්ස් සෆාරි වෙබ් බ්‍රව්සර් එකෙන් නැතුව වෙනම ක්‍රමයකට විවෘත වෙන විදිහටත් නිර්මාණය කරන්න පුලුවන්. නමුත් නුදුරු අනාගතයේදී iOS 14ත් සමඟ මෙම 'Clips' (ක්ලිප්ස්) යන API එක නිසා මෙම සිදුවීම වෙනස් වෙන්න පුලුවනි.
උදාහරණයක් විදිහට ගත්තොත්, හිතන්න යම් පුද්ගලයෙක් විසින් ඔබට යූටියුබ් (YouTube) වීඩියෝවක QR කෝඩ් එකක් එව්වා කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ QR කෝඩ් එක ස්කෑන් කරපුවාම ඔබේ දුරකථනයේ YouTube ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා නැතිනම් වෙබ් බ්‍රව්සර් එක හරහා තමයි මේ අදාල සබැදිය විවෘත වෙන්නේ. නමුත් මේ iOS14 සමඟින් ඉන නව API එක වෙන ක්ලිප්ස් නිසා ඔබේ දුරකථනයේ YouTube ඇප්ලිකේෂන් එක ස්ථාපනය කරලා තිබුනේ නැතිවුනත් එම අදාල වීඩියෝව YouTube ඇප්ලිකේෂන් එක හරහා ධාවනය (play) වෙන්න පටන් ගන්නවා.
No comments:
Post a Comment