Full width Top advertisement

Post Page Advertisement [Top]

අයිෆෝන් එකේ ඔබ නොදන්න වැඩ සිංහලෙන් (iPhone Tips and Tricks in SInhala) - Part 01

අයිෆෝන් එකේ ඔබ නොදන්න වැඩ සිංහලෙන් (iPhone Tips and Tricks in SInhala) - Part 01

අපි ස්මාර්ට් ජංගම දුරකථනයක් අතට ගත්තහම ගොඩක් දේවල් ඒ තුළ ඇති තාක්ෂණය භාවිතා කරමින් අපේ වැඩ පහසු කරගැනීමට එක එක දේවල් ඉතා ඉක්මනින්ම කරගන්නවා. අයිෆෝන් (iPhone) එකක් ගත්තොත් අපිට කෑම එකක් ඇනවුම් කරගන්න, යාලුවෙක් එක්ක ෆේස් ටයිම් (Face Time) කරන්න, ඒ වගේම 4K වීඩියෝ (video) එකක් රෙකෝඩ් (record)  කරලා ස්වයංක්‍රීයවම අයික්ලවුඩ් (icloud) එකට අප්ලෝඩ් (upload) වෙන විදිහට හදන්න වගේ එදිනෙදා අපේ වැඩ ලේසියෙන්ම කරගන්න පුලුවන් දේවල් බොහොමයක් සිදුකරගන්න පුලුවන්. මේ හැමදෙයක් පිටිපස්සේම තියෙන තාක්ෂණය ඉතාමත් පුදුමාකාරයි. නමුත් ඔබේ අයිෆෝනයට මීට වඩා කරන්න පුලුවන් සමහර දේවල් පිළිබදව ඔබ නොදන්නවා වෙන්න පුුලුවන්. මෙම ලිපි මාලාවෙන් අප බලාපොරොත්තු වෙන්නේ එම බොහෝවිට ඔබට අතහැරුනු, ඔබ නොදන්නායැයි අපට සිතෙන දේවල් ඔබට කියාදීමටයි.

01. Smart Do Not Disturb (ස්මාර්ට් ඩූ නොට් ඩිස්ටර්බ්)


අපි මෙහෙම හිතමු. ඔබ යම් කිසි පුද්ගලයෙක් සමඟ ඔබේ ව්‍යාපාරය පිළිබඳ වැදගත් කතාවක නිරත වෙන ගමන් සිටිනවා. නමුත් ඔබේ ජංගම දුරකථනය සැරෙන් සැරේට නොටිෆිකේෂන් (notifications) එනවා ඔබේ ව්‍යාපාර කණ්ඩායමෙන් මේ වෙනතෙක් විසඳුමක් සොයාගැනීමට නොහැකි වූ යම් කිසි දෙයක් පිළිබඳව. ඔබ බොහෝවිට Do Not Disturb කියන ඔප්ෂන් (option) එක මේ වගේ අවස්ථාවලදී භාවිතා කරනවා වෙන්නට පුලුවන්. නමුත් ඔබ දන්නවාද මෙම Do Not Disturb ඔප්ෂන් එක ටික වේලාවක් තදකරගෙන ඉද්දි ලැබෙන මෙනු (menu) එකෙන් මෙම Do Not Disturb කියන ඔප්ෂන් එක කොයිවේලාවේද ආරම්භ වෙන්න ඕන, කොයි වේලාවේද අවසන් වෙන්න ඕන කියන දේ පිළිබඳව තොරතුරු ලබා දිය හැකි බව. එම අයුරින් ඔබ සිදුකලහොත් ඔබ රැස්වීමකට සවස 3 ට සහභාගී වී සවස 4 ට රැස්වීම අවසන් වෙනවානම් එම පැය ඇතුලත ඔබට කිසිම පණිවිඩියක් නොලැබෙනු ඇත. එමෙන්ම ඔබට Do Not Disturb යන ඔප්ෂන් එක ක්‍රියාත්මක කල යුතු නැත. ඔබේ අයිෆෝනය විසින් ස්වයංක්‍රීයවම එම ඔප්ෂන් එක සක්‍රීය කරගන්නවා ඇත.

02. ඔබ යවනු ලබන ස්ක්‍රීන්ෂොට් එකෙහි අදාල තොරතුර විශාල කර පෙන්වීම
(Text magnifier in screenshots)

ඔබට කවදාක හෝ යම් පුද්ගලයෙකුට යම් දෙයක් කරනු ලබන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට ස්ක්‍රීන්ෂොට් එකක් යවන්න වෙලා තියෙනවද? ඔබ දන්නවාද ඔබ පැහැදිලි කිරීමට උත්සාහ කරනු ලබන දේ විශාල කර පෙන්වීමට ඔබේ අයිෆෝනයට හැකි බව? ඔබේ දුරකථනයේ පහල දකුණු පැත්තට වෙන්නට තිබෙන මාකම් මෙනු (markup menu) එකෙන් "+" සලකුණ ප්‍රෙස් (press) කර මැග්නිෆයර් (magnifier) යන්න තෝරා දෙන්න. ඉන් පසු ඔබට අවශ්‍යය ස්ථානය විශාල කර පෙන්වා දිය හැකිය. 

03. වීඩියෝ රෙකෝඩින් එක අතරතුර ඡායාරූප ගැනීම
(Take a photo during a video)


ඔබ යම් වීඩියෝවක් රෙකෝඩ් කරන විට එම රෙකෝඩ් වෙන වීඩියෝවෙහි යම් සිද්ධීන් ඡායාරූපයකට ද ගැනීමට තිබුනානම් කියා සිතෙන්නට ඇති. ඔබ වීඩියෝවක් රෙකෝඩ් කරන විට සුදු පැහැති බොත්තමක් ඔබට දැකගැනීමට හැකි වනු ඇත. ඔබ වීඩියෝව පටිගත කරන අතරතුර ඡායාරූපයක් ගැනීමට අවශ්‍යය වේලාවට එම සුදු පැහැති බොත්තම ප්‍රෙස් කිරීම මඟින් ඔබට ඡායාරූප ගැනීමට හැක.

04. කැල්කියුලේටරයේ ඉලක්කම මකාදැමීම (Calculator delete)

අලුතින් අයිෆෝන් (iPhone) පාවිච්චි කිරීමට ගන්නා බොහෝමයක් දෙනා නොදන්නා කරුණක් වනුයේ කොහොමද අයිෆෝන් එකේ තියෙන කැල්කියුලේටරයේ අංකයක් වැරදිලා වැදුනහම සම්පූර්ණයෙන්ම මකන්නේ නැතිව වැරදුනු ඉලක්කම විතරක් මකන්නේ කියන එක. ඉතින් අයිෆෝන් එකේ අනිත් ජංගම දුරකථන වල වාගේ වෙනම බොත්තම් ලබා දීලා නැහැ. අයිෆෝන් එකේදී මෙම ක්‍රියාවලිය ඔබට සිදුකිරීමට හැකිවනුයේ වම් පැත්තට හෝ දකුණු පැත්තට ඔබගේ ඇගිල්ලෙන් ස්ක්‍රීන් එක ස්වයිප් (swipe) කිරීමෙන් පමණයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]