Full width Top advertisement

Post Page Advertisement [Top]

රෑට නිදාගද්දී අයිෆෝන් එක චාජ් එකට දැම්මට කමක් නැද්ද? (Can I Charge My iPhone Overnight? )

රෑට නිදාගද්දී අයිෆෝන් එක චාජ් එකට දැම්මට කමක් නැද්ද? (Can I Charge My iPhone Overnight? )
iPhone charging in the dark

බොහෝවිට ඕනෑම අයිෆෝන් (iPhone) භාවිතා කරනු ලබන පුද්ගලයෙක් තමන්ගේ ෆෝන් එක චාර්ජ් (charge) කරන්නේ රෑට නිදාගන්න යද්දි. කොහොමවුනත් මෙම ක්‍රමයේ යම්කිසි අවදානමක් තිබෙනවා. ගොඩක් අය කියන දෙයක් තමයි ෆෝන් එක 100ට වඩා චාර්ජ් වෙන්න තිබ්බහම බැටරියට (battery) ලොකු ඩැමේජ් (damage) එකක් වෙනවා කියන එක. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කතාවේ ඇත්ත නැත්ත ගැන පැහැදිලි කරගැනීමක් සිදුකර ගැනීමටයි.

අයිෆෝන් එකේ බැටරි එක 100%ක් විතරක් චාර්ජ් කරන්න
(iPhone Battery charges only up to 100%)

අයිෆෝන් එකේ තියෙන බැටරිය හෝ වෙන ස්මාර්ට් ෆෝන් (smart phone) එකක තිබෙන බැටරියක් වූවද චාර්ජ් වෙන්නේ 100% ක් පමණයි. මේ පිළිබඳව අයිෆෝන් පිළිබඳ ලොකු දැනුමක් තියෙන පුද්ගලයෙක් වන ජෙසී හොලින්ටන් (Jesse Hollington) සරලව පැහැදිලිවම මේ පිළිබඳව තේරුම් කර තිබෙනවා. Lithium-ion බැටරි වල නිෂ්පාදනයේදීම එන charging circuit (චාර්ජින් සර්කිට්) එකක් තිබෙනවා. මේ හේතුව නිසා මුලු රෑ පුරාවටම ඔබේ දුරකථනය චාර්ජ් එකට දමා තිබුනත් ෆෝන් එකේ බැටරිය 100%ක් ආරෝපණය වූ වහාම ඔබේ දුරකථනයෙහි පිටත ඇති බලයන්ට ඔබේ ආරෝපණයන් වැය කරනු ලබනවා. මේ හේතුව නිසා රෑ පුරාවටම දුරකථනය ආරෝපණය කරා කියලා ගැටඵවක් මතුවන්නේ නැහැ.

වැඩිපුර රත්වීමේදී අවදානමක් (Beware of heat accumulation)

කොහොමවුනත්, දුරකථනය ආරෝපන්‍ය කරන විට ඔබ සැකනොහැලා දැනගත යුතු එක කරුණක් වන්නේ ඔබේ අයිෆෝනය වැඩිපුර රත් වෙනවාද නොවේද යන්න පිළිබඳවයි. සාමාන්‍යයෙන් ලිතියම්අයන් බැටරියක වැඩිපුර රත්වීම (Over heat) ට තිබෙන ඉඩකඩ බොහෝමයක් අඩුයි. නමුත් 100%ක් එසේ වෙනවායි පැවසීමට නොහැකියි. මේ හේතුව නිසා රෑට ඔබ නිදන්නට යන විට දුරකථනය චාර්ජ් වීමට දමනවානම් කරුණාකර ඔබේ නිදන ඇදෙහි හෝ කොට්ටය යට හෝ ෆෝන් එක චාර්ජ් එකට දමා නිදාගැනීමට නොයන්න. 

No comments:

Post a Comment

Bottom Ad [Post Page]