Full width Top advertisement

Post Page Advertisement [Top]

ඉන්දියාවේ සියඵම අයිෆෝන් නිෂ්පාදනයන් නවතියි

ඉන්දියාවේ සියඵම අයිෆෝන් නිෂ්පාදනයන් නවතියි

ඉන්දියාව (India) තුල නිෂ්පාදනය කරන අයිෆෝන් (iPhone) සියල්ලක් පාහේ මේ වෙනවිට නිෂ්පාදනයන් නතර කර තිබෙනවා. එයට හේතුව වන්නේ ඉන්දියාවේ අගමැති විසින් එරට දවස් 21 ක ඇඳිරිනීතියක් පනවා ඇති බැවැනි. ඇඳිරිනීතියට හේතුව මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරීයන Covid-19 (කොවිඩ් 19) හෙවත් කොරෝනා වෛරසය (corona virus) පැතිරීයාම අඩාල කිරීමටයි.

All iPhone production in India suspended as country goes on 21-day lockdown

ෆොක්ස්කෝන් (Foxconn) සහ විස්ට්‍රන් කෝර්ප්. (Wistron Corp.) මේ වන විට ඔවුන්ගේ නිෂ්පාදනයන් ඉන්දියාව තුල ඔවුන්ගේ සමාගම් වල නිපැදවීම නතර කර තිබෙනවා. ඒ අතර ඇපල් සමාගමේ යම් අයිෆෝන් ජංගම දුරකථන (iPhone) ද ඇතුලත්. මෙයට හේතුව වනුයේ ද ඉන්දියාවේ අගමැති වන නරේන්ද්‍ර මෝදි මහතා ගෙන ඇති තීරණය අනුවය. 

එමෙන්ම ෆොක්ස්කෝන්, එහෙමත් නැත්න් හොන් හෙයි ප්‍රෙෂීෂියන් ඉන්ඩස්ට්‍රි (Hon Hai Precision Industry Co.) තම නිෂ්පාදනයන් අප්‍රේල් 14 වෙනතෙක් නතර කර තිබෙනවා. ඉදිරි නිෂ්පාදනයන් සිදුකරනු ලබන්නේ ඉන්දියානු රජය විසින් දෙනු ලබන තීරණ අනුව බව ඔවුන් කියා සිටිනවා. 


No comments:

Post a Comment

Bottom Ad [Post Page]