Full width Top advertisement

Post Page Advertisement [Top]

කොරෝනා වයිරස් එක නිසා ඉඳිරියට ජංගම දුරකථන හිඟයක්?

කොරෝනා වයිරස් එක නිසා ඉඳිරියට ජංගම දුරකථන හිඟයක්?

ඇපල් (Apple) සමාගම විසින් පෙබරවාරි මස මැද භාගයේ දී ඔවුන් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ මාර්තු කාර්තුව වන විට ඔවුන්ගේ මූල්‍යමය ඉලක්කය මේ කොරෝනා වෛරසය (Covid-19) (Corona virus) නිසා ඉටුකරගැනීමට නොහැකි වන බවට. අප සියල්ලෝම දන්නා පරිදි ඇපල් සමාගමට පමණක් මේ කරදරයට මුහුණ දීමට සිදුවී නැහැ. අනිත් සෑම ජංගම දුරකථන නිෂ්පාදකයෙකුටම ද අත්වී ඇති ඉරණම මෙයයි. මේ වන විට පසුගිය මාසයේ තම නිෂ්පාදිත ජංගම දුරකථන අනිත් රටවලට බෙදා හැරීමේදී කොපමණ ගණනකින් අඩුවූවාදැයි නිවැරදි සංඛ්‍යා දත්ත දැකගත හැක.

ස්ට්‍රැටජි ඇනලිටිකිස් (Strategy Analytics) සමාගම පවසන අයුරින් මෙම 2020 වර්ෂයේ පෙබරවාරි මාසය තමයි ස්මාර්ට් ජංගම දුරකථන (smartphones) අඩුවෙන්ම බෙදා හරිනු ලැබූ මාසය ලෙසයි. මෙම සමාගම පවසන අයුරින් 2019 වර්ෂයේ මේ වන විට මිලියන 99.2 ක (99.2 million) ජංගම දුරකථන ප්‍රමාණයක් බෙදා හැර තිබුනද එය මේ වන විට 38% කින් අඩු වී ඇති බවයි. එය සංඛ්‍යාවකින් ගත් විට මිලියන 99.2ක් බෙදා හරිනු ලැබූ ජංගම දුරකථන මේ වන විට මෙම වර්ෂයේ බෙදා හැර තිබෙන්නේ මිලියන 61.8 (61.8 million) වේ.  

නමුත් මේ වෙනතෙක් තනි ආයතනික වශයෙන් කොපමණ පාඩුවක් වී ඇතිදැයි කියන වග පිළිබඳව මෙම සමාගම විස්තරයක් ඉඳිරිපත් කර නැහැ. ඇපල් සමාගමට මෙම 38% ඉලක්කය අභිබවා යාමට පුලුවන් වුනා ද යන්න දැනගැනීමට නම් අපට තව සති දෙකක පමණ කාලයක් සිටීමට සිදුවෙනවා. 

දිගින් දිගටම මෙම වෛරසය පැතිරීම හේතුකොට ගෙන එමෙන්ම මෙම වෛරසය මාර්තු මාසය ද ආක්‍රමණය කර ඇති නිසාත් මෙම මාර්තු මාසයේ දී පවා නියමිත අයුරින් ජංගම දුරකථන නිෂ්පාදිතයාගේ සිට අනෙකුත් රටවල් වලට බෙදා හැරීම සිදු කිරීමට නොහැකියව ලැබෙනු ඇත.

Coronavirus puts global smartphone shipments in biggest decline ever

No comments:

Post a Comment

Bottom Ad [Post Page]