Full width Top advertisement

Post Page Advertisement [Top]

iOS 13 - අලුත්ම වැඩ කෑලි - Part 01

iOS 13 - අලුත්ම වැඩ කෑලි - Part 01
පළවෙනි පෝස්ට් එක බැලුවනම් ඔයා මේ වෙද්දී දන්නවා iOS 13 අප්ඩේට් එක හම්බවෙන්නේ මොන අයිෆෝන් වලටද කියන එක ගැන.

ඉතින් මේ කියන්න යන්නේ අලුතින් එන ඇපල්ලාගේ ඔපරේටින්ග් සිස්ටම් එකේ තියෙන අලුත්ම වැඩකෑලි ගැන පොඩි විස්තරයක්. පළවෙනි කොටස විදිහට ෆෝන් පාවිච්චි කරන අයට ගොඩක් ලොකු හිසරදයක් වෙන දෙයක් ගැන කතාකරමු.

ගොඩක් වෙලාවට අපි නොදන්නවා වුනාට බොහෝමයක් අපි ෆෝන් එකේ පාවිච්චි කරන ඇප්ලිකේෂන් අපිව ට්‍රැක් කරනවා. ඒ කියන්නේ අපේ පස්සෙන්ම එනවා.

උදාහරණයක් ගමු. ඔයා හිතන්න ඔයා එක ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්නවා ඔයාගේ ෆෝන් එකට. අන්න ඒ ඇප්ලිකේෂන් එක ඕපන් කරද්දී ඔයාගෙන් එක එක පර්මිෂන් ඉල්ලනවනේ. ඔන්න ඔය ඉල්ලන පර්මිෂන් ගොඩේ සමහරවිට ඔයාගේ GPS වලට ඇක්සස් ඔයා නොදැනුවත්ම උනත් දෙන්න පුලුවන්. එතකොට ඔයා දන්නේවත් නැතිව ඔයා යන එන තැන් ගැන මේ ඇප් එක හොරෙන්ම ඔයාගේ දත්ත හොරකම් කරනවා. යන එන තැන් ගැන විතරක්ම නෙමෙයි. ඔයා ෆෝන් එකේ මොනවද කරන්නේ කියන එක ගැනත් ඔත්තු බැලීමක් මේ වගේ ඇප් හරහා සිදුකරන්න පුලුවන්.

ඉතින් අද කතා කරන්න යන්නේ iOS 13 අප්ඩේට් එක හරහා ඔයාට දැනගන්න පුලුවන් වෙනවා මොන ඇප්ලිකේෂන් එකද ඔයාව ට්‍රැක් කරන්නේ වගේම කොපමණ කාලයක ඉදලද මේ වැඩේ වෙන්නේ කියන එක ගැන.


ඇපල් සමාගම හැම වෙලාවෙම හැමතැනකම වගේ කියන දෙයක් තමයි තමන්ගේ ආයතනය පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන ගොඩක් තැකීමක් කරනවා කියන දේ. හැබැයි ඒ කියනවා වගේම මේ අවුරුදු ගාණ ඇතුලත iOS කියන ඇපල්ලාගේ ඔපරේටින්ග් සිස්ටම් එකට පාරිභෝගිකයන්ගේ දත්ත ආරක්ෂා කරන්න ගොඩක් දේවල් එකතු කරලත් තියෙනවා. ඉතින් මේ අලුතින් එන අප්ඩේට් එකත් එක්ක මොනම හරි ඇප්ලිකේෂන් එකකින් ඔයාව ට්‍රැක් කරනවනම් නොටිෆිකේෂන් බාර් එකේ අයිකන් එකකින් ඔයාව ඇප්ලිකේෂන් එකකින් ට්‍රැක් කරනවා කියලා පෙන්නුම් කරනවා.

කොහොමවුනත්, iOS 13 අප්ඩේට් එකත් එක්ක මේ ඔයාව ට්‍රැක් කරන ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා පෙන්නුම් කරනවා විතරක්ම නෙමෙයි. ඔයාව කොච්චර කාලයක ඉදන්ද, නැත්නම් කොච්චර පරාසයක ඉදන්ද මේ ට්‍රැක් වීම සිදුවෙන්නේ කියන එකත් පෙන්නුම් කරනවා. 

උදාහරණයක් විදහට උඩ මම දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එක බලන්න. ඒකේ  ඇප්ලිකේෂන් එකක් ඕපන් කරලා තියෙනවා. අන්න ඒ ඇප්ලිකේෂන් එක අපේ GPS පර්මිෂන් ඉල්ලනවා. ඉතින් iOS 13 අපිට ඔටෝමැටිකලිම අපෙන් අහනවා මේ ඇප්ලිකේෂන් එකෙන් ඔයාව ට්‍රැක් කරන්න පර්මිෂන් ඉල්ලනවා. ඒකට පර්මිෂන් දෙන්නද එපාද කියලා. 

ඒ වගේම පොඩි සිතියමකින් ඔයාව කොච්චර දුරක් මේ ඇප්ලිකේෂන් එක හරහා ට්‍රැක් කරලද කියන එකත් පෙන්නුම් කරනවා. 

ඒ වගේම මෙහෙම දෙයක් හිතන්න. දැන් අලුතින් එන වාහන වලටත් ඇප්ලිකේෂන් එනවනේ. ඉතින් අන්න ඒ ඇප්ලිකේෂන් වල ගොඩක් වෙලාවට තමන්ගේ වාහනේ නවත්තපු තැන හොයාගන්න ඔයාව ඒ ඇප්ලිකේෂන් එක හරහා ට්‍රැක් කරනවනේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවන් වලට උනත් මේ iOS 13 හරහා ඔයාට පිලියමක් යොදන්න පුලුවන්. ඕනනම් ඒ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරද්දී විතරක් තමන්ව ට්‍රැක් කරන්න පර්මිෂන් දෙන්න පුලුවන්. නැත්නම් හැමවෙලාවේදීම තමන්ව ට්‍රැක් කරන්න පර්මිෂන් දෙන්නත් පුලුවන්. නැත්නම් කොහොමටවත් පර්මිෂන් නොදී ඉන්න දෙන්නත් පුලුවන්.

ඇපල් සමාගමට අනුව මේ iOS 13 අලුත් අප්ඩේට් එක්ක පාරිභෝගිකයාගේ ආරක්ෂාව හැම වෙලාවේම වගේ තමන්ටම දැනගන්න පුලුවන් කියලයි පෙන්නන්නේ. 

මේක සමහර විට කෙනෙක්ට වදයක් වෙන්නත් පුලුවන්. හැබැයි කෙනෙක් තමන්ගේ ආරක්ෂාව ගැන ගොඩක්ම හිතනවනම් ඒ පුද්ගලයාට මේ අප්ඩේට් එකෙන් මේ කරන වැඩේ ලොකු දෙයක් කියලා හිතෙයි. 

No comments:

Post a Comment

Bottom Ad [Post Page]