Full width Top advertisement

Post Page Advertisement [Top]

iOS 13 අප්ඩේට් එක හම්බවෙන්නේ මොන ෆෝන් වලටද?

කතාව මෙහෙම පටං ගමු. Android සහ iOS කියන්නේ දැනට තියෙන ප්‍රබලතම ඔපරේටින්ග් සිස්ටම් දෙක කියන එක ඕන කෙනෙක් දන්නවනේ. මම මේ කියන්නේ mobile phone ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ටොප් ලෙවල්ම ඔපරේටින්ග් සිස්ටම් දෙක ගැන. එතකොට මෙතනදී දැන් කරට කර බොහෝ වෙලාවට තරඟයක් තියෙන්නේ Samsung සහ Apple කියන සමාගම් දෙක අතරනේ. 

හැබැයි තව කාරණයක්. ලඟකදී Huawei සමාගමට වෙච්ච දේ දන්නවා ඇති කියලා හිතනවා. මේ සිද්ධිය වෙද්දි Huawei සමාගම ඇපල් ගාවටම එන්න පුලුවන් කමක් වෙලත් තිබුනා. ගොඩක් අය කියන දෙයක් තමයි චීනේ ඇපල් විකුණන්නේ නැති නිසාත්, ඇපල් සමාගමේ තියෙන පුළුල් මාකට් එක නිසාත් පොඩි කාලෙකින් වැඩ දුරක් ආපු සමාගමක් හන්දා තමන්ගේ තැන නැති කරන්න ඉඩ දෙන්න බැරිනිසා ඇපල්ලා ගේමක් ගැහුවා කියලයි.

කෝම උනත් ඒක නෙමෙයිනේ අපේ කතාව. අපේ කතාව ඇවිත් iOS 13 අප්ඩේට් එක ගැනනේ. ඉතින් මම මුලින්ම කියපු දේ ඉවරයක් කරලම ඉන්නම්.

Samsung සමාගම තමන්ටම කියලා වෙනම OS එකක් හදාගෙන පොඩි පොඩි ෆෝන් ටිකක් එලියට දාගෙන තිබුනා. හරියට Nokia සමාගම සිම්බියන් කියලා ඔපරේටින් සිස්ටම් එකක් එලියට දැම්මා වගේ. ඒත් කාලයක් යද්දී ලෝකය ඉස්සරහට ඇදෙන අපේ වචනෙන් කිව්වොත් ටේ‍රන්ඩ් එකත් එක්ක හැම කෙනෙක්ටම, හැම දෙයකටම වගේ වෙනස් වෙන්න වෙනවා. ඒ නිසාම දැන් Nokia සමාගම පවා Android ඔපරේටින්ග් සිස්ටම් එක පාවිච්චි කරන්න පටං අරං තියෙනවනේ. ඉතින් Samsung සමාගමත් ගොඩ ගියේ මේ ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින්ග් සිස්ටම් එකත් එක්ක අත්වැල් බැදගත්තු නිසා කියලා තේරෙනවනේ. 

හැබැයි ඇපල්ලා වෙනස්ම කට්ටියක්. ඇපල් සමාගම කරේ තමන්ටම කියලා ස්ටීව් ජොබ්ස් හදාගත්තා ඔපරේටින්ග් සිස්ටම් එකක්. ඒකේ නම iOS. මේ iOS කියන්නේ ඇපල් සමාගම විසින්ම ඩිවලොප් කරන තමන්ගේ නිෂ්පාදනයන් වලට විතරක්ම පාවිච්චි කරන, කොපි රයිග්ට්ස්, ට්‍රේඩ් මාක්ස් පවා තමන්ගේ යටතේ තියෙන ඕපන් සෝර්ස් නොවෙන මාදිලියේ ඔපරේටින්ග් සිස්ටම් එකක්.

දැන් අලුත් කෙනෙක්නම් හිතයි මොකක්ද මේ Open Sourse (ඕපන් සෝර්ස්) ඔපරේටින්ග් සිස්ටම් එකක් කියන්නේ කියලා. ඕපන් සෝර්ස් ඔපරේටින්ග් සිස්ටම් එකක් කියන්නේ යම් යම් නීති රෙගුලාසි වලට අනුකූළව තමන්ට කැමති විදිහට ඔපරේටින්ග් සිස්ටම් එක නිර්මාණය කරන එකයි. ඒ කියන්නේ හොඳම උදාහරණය තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. ඇන්ඩ්‍රොයිඩ් කියන ඔපරේටින්ග් සිස්ටම් එක දැන් අයිතිය තියෙන්නේ ගූගල් සමාගමට. ඉතිං ගූගල් සමාගමත් එක්ක ගිවිසුම් ගත වෙලා තමයි අපි දැනට පාවිච්චි කරන සැම්සුන්ග්, හුවාවේ, ෂියෝමි, ඔප්පෝ, වීවෝ වගේ ෆෝන් වල රන් වෙන ඔපරේටින්ග් සිස්ටම් එක හදන්නේ. ෆෝන් එක ඔන් කරද්දි ANDROID කියලා අනිවාර්යෙන්ම මේ හැම ෆෝන් එකකම වැටෙනවනේ. අන්න ඒකත් මෙයාලගේ නීති රෙගුලාසි වල එක දෙයක්. ඉතින් මේ හැම ඩිවයිස් එකක්ම කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක තමන්ගේ කම්පැනියට එහෙමත් නැත්නම් තමන්ගේ ඩිවයිස් එකට ගැලපෙන විදිහට Re-Design කරන එක. එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවනම් තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න එක. ඉතින් මේ ඇන්ඩ්‍රොයිඩ් වලත් වර්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි පියෝ ඇන්ඩ්‍රොයිඩ් සහ අනික තමයි කස්ටම් ඇන්ඩ්‍රොයිඩ්. ඔයාලට පියෝ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ මම දැනට දන්න විදිහට ගූගල් සමාගම විසින් නිකුත් කරන PIXEL ෆෝන් වල විතරයි. අනිත් හැම ෆෝන් එකකම තියෙන්නේ ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක උනාට ඒවා තමන්ගේ අනන්‍යතාවයන් වලට ගැලපෙන විදිහට වෙනස් කරලයි. මේ හේතුව නිසාමයි අලුතින් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් රිලීස් වෙච්ච ගමන්ම ගූගල් සමාගමේ පික්සල් ෆෝන් වලට ඉක්මනට අප්ඩේට් එක ලැබෙන්නත්, අනිත් ආයතන වල ෆෝන් වලට ටික කාලයක් ගියාට පස්සේ අප්ඩේට් එක ලැබෙන්නත්.

හරි, ආපහු ඇපල් පැත්තට එමු.
උඩ කියපු විස්තරත් එක්ක දැන් ඔයාට අයිඩියා එකක් ඇතිනේ ඇන්ඩ්‍රොයිඩ් වලට පස්සේ දෙවනියටම ලොකුම ප්‍රසිද්ධම ඔපරේටින්ග් සිස්ටම් එක තමයි මේ ඇපල්ලාගේ iOS එක කියලා. මේ iOS එක මුලින්ම එලිදැක්වූයේ 2007 අවුරුද්දේ iPhone එකත් එක්කයි. හරියටම කියනවනම් 2007 ජූනි 29 වෙනිදා තමයි මේ iOS එක එලිදැක්කුවේ. ඒ කියන්නේ මීට අවුරුදු 12කට විතර කලින්. ඒ වගේම මේ iOS එක ඇපල් සමාගමේ ඒ වෙද්දී නිෂ්පාදනයන් වෙලා තිබුන iPod, iPad කියන ඒවටත් එලිදැක්වූවා. 

ඉතින්, මේ වෙද්දි iOS 12.3.1 කියන අප්ඩේට් එක තමයි අවසානයටම ඇවිත් තියෙන්නේ. හැබැයි iPhone 8 Plus කියන ඩිවයිස් එකට iOS 12.3.2 කියලා අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා. මේ වෙද්දි iPhone සමාගමේ අවසාන ඩිවයිස් එක වෙන XS Max එකට පවා තාම අවසානයටම ඇවිත් තියෙන්නේ 12.3.1 කියන අප්ඩේට් එක විතරයි. 

දැන් කෙනෙක්ට ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි මේ අයිෆෝන් 8 ප්ලස් එකට විතරක් පොයින්ට් එකක් වැඩි අප්ඩේට් එකක් දීලා තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි 12.3.2 කියන අප්ඩේට් එකේ පොඩි මෙයින්ටෙයින්ස් එකක් තියෙනවා. ප්‍රධානම දේ තමයි iPhone 8 Plus එකේ තිබුන හරියට සිග්නල් එන්නේ නැති එකට විසදුමක් විදිහට තමයි මේ රිලීස් එක දුන්නේ. ඉතින් ඔයා හරි ඔයා දන්න ඔයාගේ යාලුවෙක් හරි අයිෆෝන් 8 ප්ලස් එකක් පාවිච්චි කරනවනම් තාම එයාගේ තියෙන්නේ පරණ iOS වර්ෂන් එකක්නම් අලුත් වර්ෂන් එකට අප්ඩේට් කරගන්න කියන්න. 

පේලි දෙකකින් විතර ඉවර කරන්න පුලුවන් ලිපියක් හෑල්ලක් වගේ ලියවෙනවා ඉතිං. පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලි කරාමනේ තේරෙන්නේ ඇයි මගේ ෆෝන් එකට අප්ඩේට් එකක් නැත්තේ තාම කියලා. ඒ නිසා ඉතුරු ටිකත් ඔය උඩ කියෙව්වා වගේම කියවගෙනම යන්න. 

දැන් එහෙනම් මාතෘකාවට අදාල කතාවට බහිමු.

ගොඩක් අයිෆෝන සහ අයිපෑඩ් වලට අලුතින්ම එන iOS එක අතෑරෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අලුත් iOS එක මේ අවුරුද්දේ සැප්තැම්බර් වල රිලීස් කරනවා. ඒ වගේම අලුතින්ම Dark Mode කියලා වැඩ කෑල්ලකුත් එනවා. ඒක හරියට සැම්සුන්ග්ලාගේ Night Mode එක වගේම තමයි. මුලු ඔපරේටින්ග් සිස්ටම් එකම කලුපාට වෙන එකයි මේකෙන් වෙන්නේ. 

හැබැයි මේ අලුත් අප්ඩේට් එකනම් බොහෝ වෙලාවට ඔයාගේ තියෙන්නේ දැනට iOS 12 අප්ඩේට් එක උනත් මේ අලුතින් එන iOS 13 අප්ඩේට් එක වැඩ කරයි කියලා කියන්න අමාරු තත්වයක තමයි මේ වෙද්දිනම් තියෙන්නේ. 

බොහෝ තැන් වල කියවෙන දෙයක් තමයි 2014 අවුරුද්දේ ආපු අයිෆෝන් 6 එක සහ 6 Plus කියන ඩිවයිස් වලට මේ අලුත් අප්ඩේට් එක රිලීස් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ ෆෝන් පාවිච්චි කරන අයට සිකුයුරිටි පැච් එහෙම කාලෙන් කාලෙට ලැබෙනවා අලුත් අප්ඩේට් නොලැබුනාට. 

ඒ වගේම අයිෆෝන් 5s එක සහ ඊට කලින් ආපු ඇපල් ෆෝන් වලටත් මේ අප්ඩේට් එක ලැබෙන්නේ නැහැ.

අනික තමයි 2013 ආපු iPad Air එකටත් මේ අප්ඩේට් එක ලැබෙන්නේ නැහැ. 

ගොඩක් අයට තිබුන භයක් තමයි 2016 නිකුත් කරපු iPhone SE එකට මේ iOS 13 අප්ඩේට් එක ඇපල් සමාගම විසින් දෙන එක නතර කරයිද කියන එක. ඒත් මේ iPhone SE කියන ඩිවයිස් එක කවුරුවත් හිතුවේ නැති විදිහට ජනප්‍රිය වෙච්ච ෆෝන් එකක්. ඇපල් සමාගම වැඩිය පුෂ් නොකරපු ඩිවයිස් එකක්. ඒ උනාට ගොඩක් අය අතරේ මේ SE කියන ඩිවයිස් එක ජනප්‍රිය වුනා. ඒ නිසා බොහෝ විට මේ SE ඩිවයිස් එකට අලුත්ම අප්ඩේට් එක රිලීස් වෙන්න තියෙන ඉඩකඩ සහ ප්‍රවණතාව හුගක්ම වැඩියි. 

හැබැයි එක දෙයක් තියෙනවා. මේ 13 වෙනි අප්ඩේට් එකේ එන හැම ෆියුචර් එකක්ම හැම ෆෝන් එකකම වැඩ කරයිද කියන එකයි තියෙන සැකේ. මොකද ඔයාලා දන්නවා Memoji කැරක්ටර්ස් කියන එක ගැන. මෙමෝජි කියන්නේ තමන්ව කාටුන් එකක් විදිහට හදාගන්න පුලුවන් එකනේ. ඉතින් මේ Memoji කියන සිස්ටම් එක වැඩ කරන්න ඇපල් සමාගම කියන විදිහට A9 කියන චිප් සෙට් එක තියෙන්න ඕනලු තමන් පාවිච්චි කරන ඩිවයිස් එකේ. ඉතින් මේ A9 කියන්නේ මේ මෙමෝජි කියන සිස්ටම් එක පාවිච්චි කරන්න පුලුවන් අවම ඩිවයිස් එක. ඉතින් A9 චිප් එක ආවේ අයිෆෝන් 6s එකටනේ. 

ඇපල් කම්පැනි එක මේ වෙනකම් නම් කියලා නැහැ මොන මොන දේවල් මොන මොන ෆෝන්ස් වලට වෙනස් වෙනවද කියලනම්.

පහුගිය අවුරුද්දේ ඇපල් සමාගම කිව්වේ iOS 11 සපෝට් කරන ඕනම ඇපල් ඩිවයිස් එකකට iOS 12 අප්ඩේට් එක ලැබෙනවා කියලයි. හැබැයි ඒ අප්ඩේට් වල තිබුනේ ප්‍රෆෝමන්ස් එකයි ඩිවයිස් එකේ ස්ටැබිලිටි එකයි වැඩිදියුණු වීමක් විතරයි. ඒ නිසා මේ අවුරුදු ගාණකට පස්සේ අලුතින්ම එන්න යන අප්ඩේට් එකට ගොඩක් වෙලාවට ගොඩක්අ ලුත් ෆියුචර්ස් ඇඩ් වෙලා තියෙන්නත් පුලුවන් වගේම ප්‍රොසෙසින්ග් පවර් එකත් අනිත් අප්ඩේට් වලට තිබ්බට වඩා ටිකක් වැඩිපුර හරි ඕන වෙයි කියලයි හිතෙන්නේ.

මේ වෙනකොට 24.83% ප්‍රතිශතයක් iOS 12 අප්ඩේට් එක තියෙන ඩිවයිස් පාවිච්චි කරනවා. ඒ වගේම තව 12% ක් iOS 11 අප්ඩේට් එක තියෙන ඩිවයිස් පාවිච්චි කරනවා. ඒවගේම 5% කට ලං වෙන්න පිරිසක් පරණ iOS වර්ෂන් එක තියෙන ඇපල් ෆෝන් පාවිච්චි කරනවා කියලයි ඇපල් සමාගමේ developer dashboard එකේ පෙන්නුම් කරන්නේ. 

තව දෙයක්. ඇපල් සමාගමෙන් නිෂ්පාදනය කරන iPad ටැබ්ලට්ස් වලට මේ අය අලුතින්ම iPadOS කියලා මෙච්චර කල් තිබුන සාමාන්‍යය iOS එක වෙනුවට වෙනම ඔපරේටින්ග් සිස්ටම් එකක් නිකුත් කරනවා. මේ අලුත් iPad OS එකෙන් පුලුවන් මල්ටිටාස්කින් වැඩ එහෙම කරගන්න අයිපෑඩ් එකෙන්. 

මේ අලුත් අප්ඩේට් එකේ ඩිවලොපර් වර්ෂන් එක ඊළඟ මාසේ ඩිවලපර්ලට ඩවුන්ලෝඩ් කරගෙන අත්හදා බලන්න පුලුවන්.

ඉතින් මම පහළින් ලියන්නම් දැනට මේ අලුත්ම අප්ඩේට් එක එන්න පුලුවන් කියලා හිතෙන ඇපල් ඩිවයිස් සෙට් එක.
  • iPhone XS
  • iPhone XS Max
  • iPhone XR
  • iPhone X
  • iPhone 8
  • iPhone 8 Plus
  • iPhone 7
  • iPhone 7 Plus
  • iPhone SE
  • iPhone 6S
  • iPhone 6S Plus

ඉතින් ඕක තමයි කතාව. ඒ වගේම මුල් පෝස්ට් එක මාතෘකාවට ගලපගන්න පොඩි දුරක් කියවන්න වෙච්ච එක ගැන සමාවෙන්න.

දිගටම කියවපු කෙනෙක්නම්, නොදන්න දෙයක් හරි ඔලුවට දාගත්තනම් තව කෙනෙක්ට දැනගන්න පෝස්ට් එක ෂෙයාර් හරි කරන්න.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]