Full width Top advertisement

Post Page Advertisement [Top]

වේගාස් සහ කැනඩා වලට පස්සේ ඇපල් සමාගම ජර්මනියේත් වැඩ අරඹයි

වේගාස් සහ කැනඩා වලට පස්සේ ඇපල් සමාගම ජර්මනියේත් වැඩ අරඹයි

ඇපල් සමාගම විසින් කලකට ඉහතදී නිකුත් කරනු ලබපු අලුත්ම ආකාරයේ තමන්ගේ ඇඩ් කැම්පේන් එකක විස්තරයක් තමයි මේ කියන්න යන්නේ. 

හුදෙක්ම පාරිභෝගිකයාගේ ආරක්ෂාව පිළිබඳ ඉහළම අයුරින් හිතන ජංගම දුරකථන නිෂ්පාදකයෙක් කියන ඇඩ් කැම්පේන් එක පටං ගත්තේ මුලින්ම ලාස් වේගාස් වලින්. ඒ "What happens on your iPhone, stays on your iPhone" කියන ලොකු බිල්බෝඩ් එක ප්‍රදර්ශණය කරමින්.

මේ බිල්බෝඩ් එකේ ඇපල් සමාගම විසින් ලියපු වචන වලින් ඇත්තටම ලාස් වේගාස් වලත් "What happens in Las Vegas, stays in Las Vegas" කියන පදපේලි ටික ඉබේම ප්‍රචලිත වෙන්නත් පටං ගත්තා.

ඊළඟට ඇපල් සමාගම යොමුවුනේ කැනඩා වලට. එක බිල්බෝඩ් එකක් කෙලින්ම Alphabet කම්පැනි එක එලියේම ප්‍රදර්ශණය කරනු ලැබුවා.

කෙනෙක් බලාවි මොකක්ද මේ Alphabet කම්පැනි එක කියන්නේ කියලා. ඇල්ෆබට් කම්පැනි එක කියන්නේ ගූගල් සමාගමේ මව් සමාගම.

ඉතින් මේ කැනඩා වල ඇපල් සමාගම විසින් ප්‍රදර්ශණය කරපු බිල්බෝඩ් එකේ තිබුනේ "We're in the business of staying out of yours" කියලයි. ඒ කියන්නේ ඇපල් සමාගම ව්‍යාපාර කරන්නේ පාරිභෝගිකයන්ගේ ව්‍යාපාර වලට ඇගිලි නොගහා කියන එක වගේ අදහසක් ඒ තුලින් පෙන්වන්නේ. ඇත්තටම මේක ගූගල් සමාගමට පොඩි හින්ට් එකක් විදිහටයි මේ ඇපල් සමාගම ඇල්ෆබට් කම්පැනි එක ඉස්සරහම මේ බිල්බෝඩ් එක ප්‍රදර්ශණය කරනු ලැබුවේ.

මොකද කවුරුත් දන්නවා ඇතිනේ ගූගල් සමාගම තමන්ගේ ඇඩ් කැම්පේන් පාරිභෝගිකයන්ට පෙන්නන්නේ ඔවුන්ගේ පරිශීලක දත්ත අවභාවිතා කරමින් කියලා. 

ඉතින් මේ කැනඩා වල ගහපු බිල්බෝඩ් එකටත් කින්ග් ස්ට්‍රීට් වල "Privacy is King" කියලා පටබැදුනා.

එතකොට ඔන්න දැන් තමයි මේ ලිපියට අදාල තැනට එන්නේ. 

තුන්වෙනියට ඇපල් සමාගම මේ විශාල බිල්බෝඩ් එක ප්‍රදර්ශණය කරන්න තෝරගන්නේ ජර්මනියයි.

Humburg වල තියෙන වරාය තමයි ජර්මනියේ තියෙන විශාල අන්තර්ජාතික ෂිපින් සෙන්ටර් එකක්. ඒ කියන්නේ භාණ්ඩ හුවමාරු කරන ස්ථානයක්. ඉතින් මේ සමාගම තමයි ජර්මනියේ ගොඩක් දේවල් අනිකුත් රටවල් වලට අපනයනය කරන්නේ. ඉතින් මේ හම්බර්ග් ටවුන් එකේ අය මේ වරායට ලෝකයට යන්නට ඇති ගේට්ටුව කියලත් කියනවා. ඉතින් ඇපල් සමාගම කෙලින්ම මේ වචන අරගෙනම සෙල්ලමට බැහැලා තියෙනවා.

ඉතින් ජර්මනියේ ඇපල් බිල්බෝඩ් එකේ ලියලා තියෙන්නේ "Das Tor zur Welt. Nicht zu deinen Informationen" කියලයි. ඉතින් මේකේ තේරුම තමයි ලෝකයට විවෘත වුන ගේට්ටුව උනාට ඔබේ තොරතුරු වලට නෙමෙයි  කියන එකයි. 

ජර්මනියේ ප්‍රදර්ශණය කරපු අනික් බිල්බෝඩ් එක තමයි Verrat so wenig uber Hamburger wie Hamburger" කියන එක. ඉතින් මේකේ තේරුම තමයි හැම්බර්ගර් විසින්ම හැම්බර්ගර් පාවලා දෙන විදහටම පාවලා දෙන්න කියන එක. 

තව එකක් බර්ලින් වල ප්‍රදර්ශණය කරලා තියෙනවා. මේ ටවුන් එක කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. ඒ නැගෙනහිර බර්ලින් සහ බටහිර බර්ලින් කියලා.

නැගෙනහිර බර්ලින් ටවුන් එක සෝවියට් ඈයොන්ගේ ටවුන් එක විදිහටයි හඳන්වන්නේ. එතකොට බටහිර බර්ලින් ටවුන් එක ඇවිත් ඇමරිකානුවන්ට, බ්‍රිතාන්‍යය ජාතිකයන්ට, ප්‍රංශ ජාතිකයන්ට වෙන්වුන ටවුන් එකක්.

ඉතින් ඇපල් සමාගම මේකත් උදව්වකට අරගෙන බිල්බෝඩ් එකක් ප්‍රදර්ශණය කරා "Willkommen im sicheren Sektor" කියලා. ඒ කියන්නේ සාදරයෙන් පිළිගන්නවා ආරක්ෂිත ප්‍රදේශයට කියන එකයි.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]