Full width Top advertisement

Post Page Advertisement [Top]

ඇපල් iPhone 11 නිෂ්පාදනයන් සිඳුවන්නේත් 2018 අයිෆෝන් නිෂ්පාදනය වුන විදිහටමද?

ඇපල් iPhone 11 නිෂ්පාදනයන් සිඳුවන්නේත් 2018 අයිෆෝන් නිෂ්පාදනය වුන විදිහටමද?

ඇපල් සමාගම පේන විදිහට මේ වෙනතෙක් iPhone 11, iPhone 11 Max සහ iPhone 11R කියන ෆෝන් තුන ගිය අවුරුද්දේ ප්‍රකාශිත කරාට පස්සේ ඒ ගැන ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියාගෙනයි ඉන්නේ.

වාර්තාවලින් කියවෙන විදිහට ඇපල් අයිෆෝන් වලට අවශ්‍යය කරන පාර්ට්ස් නිෂ්පාදනය කරන කම්පැනි වලට මේ අවුරුද්ද ඉවර වෙද්දී අයිෆෝන් මිලියන 75 කට හරියන්න කෑලි නිෂ්පාදනය කරන්න කියලා දන්වලා තියෙනවලු. ඒ කියන්නේ iPhone Xs, Xr සහ XS Max කියන අයිෆෝන් ගිය අවුරුද්දේ විකුණන ගාණට සමානවලු.

ඇපල් සමාගම තමන්ගේ වියදම ගැන කොච්චරක්ද කියලා කියන්නෙත් නැහැ වගේම එයාලගේ සේල්ස් රිපෝට් වලදී කොච්චරක් විකුණුනාද කියන එක ගැනත් හරියටම ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට හරියටම නිගමනයකට එන්න බැහැ iPhone XS සහ XR කියන ෆෝන් එලියට දාපු ගමන්ම කොච්චරක් විකිණුනාද කියන එක ගැන.

හැබැයි පේන විදිහටනම් දළ වශයෙන් ගත්තොත් ගිය අවුරුද්දේ ඇපල් සමාගම විසින් විකුණපු අයිෆෝන් ගාණට මැච් වෙන විදිහට ගාණක් තමයි අලුතින් නිෂ්පාදනය කරන්න හදන්නේ.

පහුගිය අවුරුද්දේ ඇපල් අයිෆෝන් විකිණීම පොඩ්ඩක් අඩාල වුනා. ඒකට හේතුව වුනේ චීනය තුල ඇපල් අයිෆෝන් වලට ඇති ඉල්ලීම අඩුකම. මේ හේතුව නිසාම ඇපල් සමාගමට තමන්ගේ නිෂ්පාදන ඉලක්කයන් කිහිප සැරයක්ම නතර කරලා දාන්න වුනා. ඉතින් අපිට බලාගෙනම ඉන්න වෙනවා 2018 වෙච්ච දේම 2019 දීත් Apple iPhone එකට සිද්ධ වේවිද කියන එක ගැන.

මේ අලුතින් එන iPhone 11 (අයිෆෝන් 11)ට එන කැමරාව අලුත් කරලා තියෙනවා කියලයි වාර්තා වලින් අපිට දැකගන්න හම්බවෙන්නේ. Wide Angle (වයිඩ් ඈන්ගල්) ලෙන්ස් එකක්, ටෙලිෆොටෝ (telephoto) සහ පළවෙනි වතාවට Ultra Wide (අල්ට්‍රා වයිඩ්) ලෙන්ස් එකකුත් මේ අලුතින් එන අයිෆෝන් 11 ෆෝන් එකේ තියෙන කැමරා සිස්ටම් එකට එකතු වෙනවා. බොහෝවිට iPhone 11R ෆෝන් එකට ඇපල් XR ෆෝන් එකත් එකක් බැලුවොත් තනි කැමරාව වෙනුවට කැමරා දෙකක් එකතුවේවි.

මේ අලුතින් එන අයිෆෝන් 11 ෆෝන් එකේ front facing කැමරා එකට අලුතින් Smart Frame (ස්මාර්ට් ෆ්‍රේම්) කියලා අලුත් වැඩකෑල්ලක් එකතු වෙනවා. ඉතින් මේකෙන් පුලුවන් අපි සෙල්ෆියක් ගද්දී අපේ ෆ්‍රේම් එක බැලන්ස් නැත්නම් මේ හරහා ඒ වැරැද්ද නිවැරදි කරගන්න.

ඒවගේම මේ අලුත් අයිෆෝන් එකෙන් අලුත්ම ටැප්ටික් එන්ජින් (Taptic Engine) එකක්, කලින් ප්‍රොසෙසර් වලට වඩා බලයෙන් වැඩි A13 ප්‍රොසෙසර් එක වගේ වෙනස්කම් සෑහෙන්න ඇතුලත් වෙලා තියේවි. පිටත පෙනුම ගැන බැලුවොත් iPhone XS ෆෝන් එකේ චැසියම දකින්න පුලුවන් වෙයි. හැබැයි පිටිපස්සහ විශාල හතරැස් කැමරාවන් බැහෑලුමක් දැකගන්න ලැබේවි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]