Full width Top advertisement

Post Page Advertisement [Top]

ඊලඟ සතියේ පටන් Apple TV මඟින් සියඵම CBS නාලිකාවන් නැරඹීමේ පහසුකම

ඊලඟ සතියේ පටන් Apple TV මඟින් සියඵම CBS නාලිකාවන් නැරඹීමේ පහසුකම

මාර්තු මාසයේ තිබුන ඇපල් සමාගමේ තමන්ගේ ඉඳිරි වැඩකටයුතු පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනේදී ඇපල් සමාගම Apple TV (ඇපල් ටීවී) චැනල් පිළිබඳ විස්තර ඉදිරිපත්කරනු ලැබුවා. ඒ ඉස්සරහට කෙලින්ම iOS සහ tvOS හරහා ඇපල් ටීවී ඔස්සේ තුන්වෙනි පාර්ෂවික නාලිකාවන් නැරඹීමේ පහසුකම හිමිවෙනවා. හවුල්කරුවෙකු වශයෙන් ඇපල් සමාගම විසින් CBS සමාගමේ සියලුම නාලිකාවන් මේ හරහා නැරඹීමේ අවස්ථාව හිමිවෙනවා. 

ටුවිටර් (Twitter) හි පෝස්ට් එකක් දාලා CBS සමාගම කියලා තිබුනේ CBS සමාගමේ සියලුම නාලිකාවන් ජූලි 29 වෙද්දී ඇපල් සමාගම හරහා නරඹන්න හැකියාව ලැබෙනවා කියලයි. ඒ කියන්නේ ඊලග සතියේ සදුදා වෙනකොට මේ ඇපල් ටීවී හරහා CBS නාලිකාවේ නාලිකාවන් නැරඹීමේ හැකියාව ලැබෙනවා. 

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් CBS සේරම නාලිකාවන්ට කොච්චරක් ගෙවන්න වෙයිද කියලා? මේ වෙනකොටත් තාමත් හරියට ඒ ගැන සඳහනක් නම් කරලා නැහැ. නමුත් වාර්තාවන් වල විදිහටනම් මාසෙකට ඩොලර් 9.99 ක් වැනි මුදලක් සියලුම CBS නාලිකාවන් සඳහා අයකරගනු ඇත. 

ඒ වගේම සියලුම ගෙවීම් කිරීම් සිදුවෙන්නේ ඇපල් සමාගම හරහායි. ඒකෙන් පාරිභෝගිකයාට එක එක නාලිකාවන්ට වෙන වෙනම එකවුන්ට් හදාගැනීමක් අවශ්‍යය කරන්නේ නැහැ. 

අනික් කාරණය තමයි ඇපල් ටීවී චැනල් TV ඇප් එකෙන් බලනවා වගේම වෙන කිසි ඇප්ලිකේෂන් එකක සහායක් නැතිව iOS සහ tvOS හරහා ද නරඹන්න පුලුවන්. ඉක්මනින්ම macOS හරහා ද මේ ඇපල් ටීවී චැනල් නැරඹීමට හැකියාව ලැබෙනවා කියලයි ඇපල් සමාගම කියන්නේ.

ඒ වගේම HBO වගේ නාලිකාවන් වලට ඇපල් සමාගම විසින් Offline viewing support එකක්, එහෙමත් නැත්නම් අන්තර්ජාලයට සම්බන්ධ නොවී නැරඹීමේ හැකියාව ලබාදීලා තියෙනවා. 

No comments:

Post a Comment

Bottom Ad [Post Page]