Full width Top advertisement

Post Page Advertisement [Top]

Hyper Light Drifter ගේම් එක ලඟදීම iPhone සහ iPad වලටත්

Hyper Light Drifter ගේම් එක ලඟදීම iPhone සහ iPad වලටත්


හයිපර් ලයිග්ට් ඩ්‍රිෆ්ටර් (Hyper Light Drifter) කියන්නේ පික්සල් ආර්ට් ගේම් එකක්. 2016 දී එලිදක්වපු මේ ගේම් එක වින්ඩෝස් (Windows), මැක් (Mac) සහ අනෙකුත් පරිගණක ක්‍රීඩා කලහැකි කන්සෝල් (consoles) වලට පමණයි නිකුත් වුනේ. ඉතින් මේ ගේම් එකට ගොඩක් ලොකු සම්මාන එහෙම හම්බවුනා. ඉතින් මේ සම්මානනීය ගේම් එක ඔන්න iOS වලටත් ඉස්සරහට එනවලු. ඒ අයිෆෝන් සහ අයිපෑඩ් වල මේක සෙල්ලම් කරන්න පුලුවන් වෙන විදිහට.

මේ iOS වලට එන හයිපර් ලයිග්ට් ඩ්‍රිෆ්ටර් ගේම් එක iOS වලට හරියන විදිහට කේත නිර්මාණය කරන්නේ Abylight Studios කියන ආයතනය විසින්. ඒ අය කියන විදිහට මේ ගේම් එක අයිපෑඩ් ප්‍රෝ (iPad Pro) උපාංගයේ තත්පරයක ෆ්‍රේම්ස් 120ක් ද, අනිකුත් උපාංග වල තත්පරයට ෆ්‍රේම්ස් 60 ක් වශයෙන්ද දිවෙන ආකාරයට නිර්මාණය කරන බවයි.

හයිපර් ලයිග්ට් ඩ්‍රිෆ්ටර් වගේ ගේම් එකක් ඇපල් වගේ උපාංගයන් වලට කේතනය කරනවා කියන එක ලොකු කාර්යභාරයක්. මොකද මේ ගේම් එක ගොඩක් ලොකු කාලයක් මිනිස්සු සෙල්ලම් කරලා තියෙන්නේ වෙනත් උපකරණයන් වලින් නිසා. iOS වලට සහාය දක්වන විදිහට මේ ගේම් එක අලුතින්ම නිර්මාණය කරනවා වගේම ඇපල් සමාගම විසින් MFi කන්ට්‍රෝලර් වලින් මේ ගේම් එක සෙල්ලම් කරන්න පුලුවන් වෙන විදිහටත් නිර්මාණය කරනවාලු. ඒ නිසා ඇපල් ෆෝන් එකක් තියෙන කෙනෙක් ටච් ස්ක්‍රීන් එකෙන් ටච් කර කර ගේම් එක සෙල්ලම් කරන්න කැමති නැත්නම් ඒ කෙනාට MFi කන්ට්‍රෝලර් එක ඇපල් ෆෝන් එකට කනෙක්ට් කරලා ඒ හරහා සෙල්ලම් කරන්න හැකියාව ලැබෙනවා. 

මේ හයිපර් ලයිග්ට් ඩ්‍රිෆ්ටර් ගේම් එක දැන් App Store (ඇප් ස්ට්‍රෝර්) එකේ ඩොලර් 4.99 ක් වැනි මුදලකට ඔබේ අයිෆෝන් එකට සහ අයිපෑඩ් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. තාම ඇපල් TV එකට එන වර්ෂන් එකක් ගැන සඳහනක් නැහැ. 

No comments:

Post a Comment

Bottom Ad [Post Page]