Full width Top advertisement

Post Page Advertisement [Top]

2019 වර්ෂයේදී එලිදැක්වෙන MacBook Pro එකේ ඉදන් සමනල ආරක් ගත්තු කීබෝඩ් එක ඉවරයි

2019 වර්ෂයේදී එලිදැක්වෙන MacBook Pro එකේ ඉදන් සමනල ආරක් ගත්තු කීබෝඩ් එක ඉවරයි

ඇපල් කීබෝඩ් එක පිළිබදව අලුත්ම වාර්තාවක් Ming-Chi Kuo (මින්ග්-චි ක්වෝ) විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මේ දක්වා හැම මැක්බුක් එකකම තිබුන සමනල ආරක් ගත්තු කීබෝඩ් එක 2020 වෙනකොට වෙනස්ම ආකාරයේ කීබෝඩ් එකක් බවට පත්වෙනවා කියලයි. බොහෝ විට මේ 2019 අවුරුද්දේ දී එලි දැක්වෙන්නට බලාපොරොත්තු වෙන අඟල් 16 ක මැක්බුක් ප්‍රෝ (MacBook Pro) සමඟින් මේ අලුත් කීබෝඩ් එක කරලියට ඒවි කියලයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මැක්බුක් එයාර් ප්ලස් 13 (MacBook Air Plus) සහ අඟල් 15 මැක්බුක් ප්‍රෝ කියන ලැප්ටොප් වලට බොහෝවිට 2019දීත් සමනලආරක් ගත් කීබෝඩ් ලැබෙන්න පුලුවන්. නමුත් 2020 ඉදන් නිකුත් වෙන හැම මැක්බුක් එයාර් සහ මැක්බුක් ප්‍රෝ එකකටම මේ අනිත් කීබෝඩ් එක අන්තර්ගත වෙනු ඇත.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]