Full width Top advertisement

Post Page Advertisement [Top]

2022 වන විට ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන 5G මොඩමයක්

2022 වන විට ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන 5G මොඩමයක්

පහුගිය දවසක ඇපල් සමාගම විසින් නිළ අයුරින් ප්‍රකාශයක් සිදුකලා. ඒ ඔවුන් ඩොලර් මිලියන එකක ගණුදෙනුවක් ඉන්ටෙල් (Intel) සමාගමත් එක්ක කරනවා කියලා. ඇපල් සමාගම ඉන්ටෙල් සමාගමෙන් ස්මාර්ට්ෆෝන් මොඩම් මේ හරහා මිළදී ගැනීමක් සිද්ධ වෙනවා. මේ හරහා ඇපල් සමාගම සේවකයන් 2200 ක් පමණ මෙම වැඩසටහනට යොදාගැනීමට තීරණය කරලා තියෙනවා.

හරිවිදිහට බැලුවොත් ඇපල් සමාගමට ඕන වෙලා තියෙන්නේ මේ හරහා ඔවුන්ගේම කියලා මොඩමයක් නිෂ්පාදනය කරලා පාරිභෝගිකයන් අතට පත් කරන්නයි. වාර්තාවලට අනුව කියවෙන්නේ ඇපල් සමාගමට උවමනා කරලා තියෙනවලු 2021 අවසානය වෙද්දී ඔවුන්ගේ උපාංගයන් වලට ඔවුන්ගේම කියලා 5G මොඩමයක් ඇතුලත් කරන්න.

2019 වර්ෂයේ එලිදැක්වෙන අයිෆෝන් එක 5G සහාය දක්වන දුරකථනයක් නොවේවි. ඒ දුරකථනයේ පහුගිය කාලය පුරාවටම පැවතුන විදිහටම Intel 4G මොඩම් එකක් දකින්න ලැබෙයි. හැබැයි 2020 වෙද්දී Qualcomm (කුවාල්කොම්) ආයතනයත් එක්ක කරපු බිලියන ගාණක ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට 2020 කාර්තුව වෙද්දී ඇපල් සමාගම බලාපොරොත්තු වෙනවා 5G සහාය දක්වන කුවාල්කොම් මොඩමයක් ඔවුන්ගේ අයිෆෝන් එකේ රදවන්න.

වාර්තාවලට අනුවනම් ඒ විදිහට එලිදක්වන අවුරුද්දට පස්සේ එන අවුරුද්ද තුල ඇපල් සමාගම විසින්ම නිර්මාණය කරපු තමන්ගේම කියලා මොඩමයක් එලිදක්වන්න පුලුවන්. 

කොහොමවුනත් ඇපල් කුවාල්කොම් වලට එකපාරටම අතගහයි කියන එකනම් හිතාගන්න අමාරු දෙයක්. බොහෝවිට අඩු ධාරිතා සහිත මොඩල් එකකින් පටං අරගෙන තමන්ගේ හයිග්එන්ඩ් (high-end) උපාංගයක් වන අයිෆෝන් එකට ඇතුලත් කරාවි. 

ඇපල් මේ කුවාල්කොම් ගණුදෙනුවත් එක්ක අවුරුදු හයක් මේ වෙද්දී ගතකරලා තියෙනවා. ඒ නිසා මේ 5G හුටපටය ඉක්මනින් ඉක්මනින් අවසානයකට අරගෙන ඒවි කියලා හිතන්න නම් අමාරුයි. 

No comments:

Post a Comment

Bottom Ad [Post Page]