Full width Top advertisement

Post Page Advertisement [Top]

ඇපල් ක්‍රෙඩිට් කාඩ්

ඇපල් ක්‍රෙඩිට් කාඩ්

ඇපල් සමාගම විසින් කෙඩිට් කාඩ් එකක් එලිදක්වන්න යනවා කියලා ප්‍රකාශයට පත්කලේ මේ අවුරුද්දේ මාර්තු මාසයේදී. ඔවුන් ඒ අවස්ථාවේ දී කිව්වේ තාම ඔවුන් තමන්ගේ iOS පද්ධතිය මේ ක්‍රමයට සූදානම් කරමින් පවතිනවා කියලයි. නමුත් මේ වෙද්දී ඔවුන්ගේ දැනට තියෙන මෙහෙයුම් පද්ධතියත් එක්කයි ඇපල් කාඩ් (Apple Card) එකයි එක්ක බලද්දී අපිට දැන් බලාන ඉන්න විතරයි ඉතුරුවෙලා තියෙන්නේ ඇපල් සමාගම විසින් මේ නවතම තාක්ෂණය පාරිභෝගිකයන්ට අත්විදින්න සලස්වලා දෙනකම්.

වාර්තාවන් වලට අනුව ඇපල් සමාගම අගෝස්තු මාසයේ පළවෙනි සති දෙක ඇතුලත මේ අලුත් තාක්ෂණය පාරිභෝගිකයන්ට ලබාදෙන්න කටයුතු කරමින් ඉන්නවා.

මේ සර්විස් එක ඇපල් පාවිච්චි කරන පුද්ගලයන්ට ලැබුනට පස්සේ ඔවුන්ට පුලුවන් ඇපල් ෆෝන් එකේ තියෙන වොලට් (wallet app) ඇප්ලිකේෂන් එක හරහා මේ ඇපල් කාඩ් එකේ රෙජිස්ටර් වෙන්න. මේ ඇපල් කාඩ් එක බොහෝවිට iOS 12.4 මෙහෙයුම් පද්ධතියේ සිට ක්‍රියාත්මක වේවි.

ඇපල් කාඩ් එක පෙන්නුම් කරන්නේ බැංකුවකින් නැතිව ඇපල් සමාගම විසින්ම නිපදවපු කාඩ් එකක් විදිහටයි. නමුත් ඇත්තටම මේ කාඩ් එකට වගකිවයුත්තා වන්නේ Goldman Sachs කියන සමාගමයි. මේ සමාගම එක්ක තමයි ඇපල් සමාගම ගනුදෙනුව කරන්නේ. එහෙමත් නැත්නම් පාර්ට්නර්ෂිප් එක අරං තියෙන්නේ. මේ ඇපල් කාඩ් එක පාවිච්චි කරන පුද්ගලයාට පුලුවන් වෙනවා Apple Pay (ඇපල් පේ) හරහා ගෙවීම් කරන්නත්, තමන්ගේ වියදම ප්‍රස්ථාර විදිහට බලාගන්නත්, ගෙවීමක් කරපුවාහම තමන්ට නොටිෆිකේෂන් එකක් එන්නත් (notification) වගේම තමන්ගේ ජංගම දුරකථනයෙන්ම සියලුම මුදල් කළමණාකරනය කරන්නත්.

ඇපල් කාඩ් එකට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එකක තියෙනවා වගේ අන්තර්ජාතික ගණුදෙනුවලට වෙනම ගානක්, නියමිත දිනට නොගෙවීමට වෙනම ගානක් වගේ මුදල් කපාගැනීම් නැහැ. හැබැයි, interest එකනම් 13.4% සහ 24.4% යන අගයන් අතර පවතියි. 


පාරිභෝගිකයන්ට අවශ්‍යයනම් ඇපල් සමාගමෙන් ඔබ දිනපතා පාවිච්චි කරනු ලබන ආකාරයේ ටයිටේනියම් ඇපල් කාඩ් (Titanium Apple Card) එකක් ගෙන්වා ගැනීමටත් පුලුවන්. හැබැයි මේ කාඩ්පතේ කිසිම අංකයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අදාල පුද්ගලයාගේ නම පමණක් දක්නට හැකියාව ලැබෙනවා.

මේ ඇපල් කාඩ් එක පාවිච්චි කරන ඕනම කෙනෙක්ට ඇපල් නිෂ්පාදනයක් මිළදී ගන්නකොට 3%ක කෑෂ්බැක් (cashback) එහෙමත් නැත්නම් මුදල් ආපසු දීමක් සිදුවෙනවා. ඇපල් පේ (Apple Pay) වලින් ඇපල් නිෂ්පාදනයක් මිලදී ගන්නවානම් 2% ක මුදලක් ආපසු හිමිවෙනවා. ඒවගේම පාරිභෝගිකයා සතුව ඇති ටයිටේනියම් කාඩ් එක හරහා ඇපල් නිෂ්පාදනයක් මිලදී ගන්නවානම් ඒ කාඩ් පතට 1% ක මුදල් ආපසු දීමක් සිදුවෙනවා. මේ කෑෂ්බැක් එක එම අදාල දවස තුලම පාරිභෝගිකයාගේ ඇපල් කෑෂ් ගිණුමට (Apple Cash Account) එවනු ලබනවා. මේ හරහා එම කෑෂ්බැක් එක අවශ්‍යයනම් තමන්ගේ බැංකුවට, වෙන නිෂ්පාදනයන්ට වියදම් කරන්න, යාලුවෙක්ට යවන්න වගේ දේවල් උනත් කරන්න පුලුවන්.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]