Full width Top advertisement

Post Page Advertisement [Top]

macOS Catalina public beta 4 නිකුත් කරයි

macOS Catalina public beta 4 නිකුත් කරයි

2019 අගෝස්තු 1 වෙනිදා ඇපල් සමාගම විසින් හතරවෙනි public beta (පබ්ලික් බීටා) එක වන macOS Catalina (කැටලීනා) නිකුත් කරනු ලැබුවා. ඒ වගේම ඇපල් සමාගම විසින් macOS 10.14.6 සංස්කරණයට ද අප්ඩේට් (update) එකක් නිකුත් කරනු ලැබුවා.

මේ අලුතින් නිකුත් කරපු macOS කැටලීනා පබ්ලික් බීටා 4 වෙනි සංස්කරණය ඔයාගේ මැක් එකේ පබ්ලික් බීටා සංස්කරණයකින් නම් ක්‍රියාත්මක වෙන්නේ ඉබේම මේ සංස්කරණය ඔයාට අප්ඩේට් එකක් විදිහට ලැබේවි. එහෙම නැත්නම් ඇපල් සමාගමේ වෙබ් අඩවිය හරහා මේ සංස්කරණය ලබාගන්න ලියාපදිංචි වෙන්න වෙනවා.

අනිත් කාරණය තමයි, ඇපල් සමාගම විසින් macOS Mojave 10.14.6 (මොජාව්) සංස්කරණයටත් අප්ඩේට් එකක් නිකුත් කලා. මේ අප්ඩේට් එකෙන් ගොඩක්ම මැක් පාවිච්චි කරන අයට තිබුන ගැටලුවක් වෙන උපාංගය sleep (ස්ලීප්) කරලා තියෙද්දී wakeup (වේකප්) වෙන ගැටලුවට පිලියමක් විදිහට මේ අප්ඩේට් එක නිකුත් කරලා තියෙනවා. 

ඇපල් සමාගම පහුගිය සතියේ තමයි මේ macOS මොජාව් 10.14.6 සංස්කරණය නිකුත් කරේ. ඒ iOS 12.4 අප්ඩේට් එක, watchOS 5.3, tvOS 12.4 සහ HomePod 12.4 කියන අප්ඩේට් වලට සමගාමීවයි.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]